Kandy Esala Perahera & Around The Kandy Blog | සෙංකඩගල ඇසළ මංගල්‍යය 2022 | Blog No 01
මාස තුනකට කලින් වගේ නුවර පෙරහැර බලන්න ආසාවක් ඇති වෙනවා. නුවර පෙරහැර පවුලෙ අයත් බලලා නැති නිසා මේ පාර ඇසළ උත්සවේට නුවර යන්න අපි තීරණය කරනවා. අවශ්‍ය කරන දේවල් සූදානම් කරගෙන, නවාතැන් ගන්න ස්ථාන කලින් වෙන් කරවන් අපි ගමන පිටත් වෙනවා. පාන්දර 1 ට විතර අපි ගෙදරින් පිටත් උනා කොළඹට. හික්කඩුවෙ ඉදලා පැය 3ක විතර ගමනක් උනත් පුලුවන් ඉක්මනට පිටත් වෙන්න ගිය අපි තීරනේ කරා. ඒකට හේතු උනේ මීට මාස කිහිපයකට කලින් නුවර යන්න පිටත් වෙලා යන්න තිබ්බ දුම්රියට ඔන්න මෙන්න තමයි අපිට ගොඩවෙන්න පුලුවන් උනේ. ඒ නිසා මේ පාර කලින්ම පිටත් උනා. හික්කඩුවෙන් කොළඹට බස් එකේ නැග්ගා. නැගලා 3.00 ගානකට අපි කොළඹට ආවා. අපි පොඩි මැණිකෙ එනකන් පැය 2ක් කොටුව දුම්රියපොළට වෙලා කාලය ගත කරා. අපිට ගත කරන්න තීන සුන්දර දවස් ගැන මතක් කර කර ඉන්නකොට කෝච්චියත් ඇවිත්. කෝච්චියට ගොඩවෙලා අපිට අදාල ආසනය හොයා ගෙන අපි ගමන ආරම්භ කරා. යනකන්ම වටපිටාවේ සුන්දරත්වය හා කෝච්චියේ විකුණන එක එක කෑම වලින් හිත වගේම බඩත් පුරව ගන්න අමතක කරේ නෑ. හරි පැය ගානකට පස්සෙ අපි නුවරට ආවා. නුවර දුම්රියපොළෙන් එලියට ඇවිත් Google map එකෙන් බලාගෙන අපි නුවර න...