Kandy Esala Perahera & Around The Kandy Blog | සෙංකඩගල ඇසළ මංගල්‍යය 2022 | Blog No 01
මාස තුනකට කලින් වගේ නුවර පෙරහැර බලන්න ආසාවක් ඇති වෙනවා. නුවර පෙරහැර පවුලෙ අයත් බලලා නැති නිසා මේ පාර ඇසළ උත්සවේට නුවර යන්න අපි තීරණය කරනවා. අවශ්‍ය කරන දේවල් සූදානම් කරගෙන, නවාතැන් ගන්න ස්ථාන කලින් වෙන් කරවන් අපි ගමන පිටත් වෙනවා. පාන්දර 1 ට විතර අපි ගෙදරින් පිටත් උනා කොළඹට. හික්කඩුවෙ ඉදලා පැය 3ක විතර ගමනක් උනත් පුලුවන් ඉක්මනට පිටත් වෙන්න ගිය අපි තීරනේ කරා. ඒකට හේතු උනේ මීට මාස කිහිපයකට කලින් නුවර යන්න පිටත් වෙලා යන්න තිබ්බ දුම්රියට ඔන්න මෙන්න තමයි අපිට ගොඩවෙන්න පුලුවන් උනේ. ඒ නිසා මේ පාර කලින්ම පිටත් උනා. හික්කඩුවෙන් කොළඹට බස් එකේ නැග්ගා. නැගලා 3.00 ගානකට අපි කොළඹට ආවා. අපි පොඩි මැණිකෙ එනකන් පැය 2ක් කොටුව දුම්රියපොළට වෙලා කාලය ගත කරා. අපිට ගත කරන්න තීන සුන්දර දවස් ගැන මතක් කර කර ඉන්නකොට කෝච්චියත් ඇවිත්. කෝච්චියට ගොඩවෙලා අපිට අදාල ආසනය හොයා ගෙන අපි ගමන ආරම්භ කරා. යනකන්ම වටපිටාවේ සුන්දරත්වය හා කෝච්චියේ විකුණන එක එක කෑම වලින් හිත වගේම බඩත් පුරව ගන්න අමතක කරේ නෑ.
හරි පැය ගානකට පස්සෙ අපි නුවරට ආවා. නුවර දුම්රියපොළෙන් එලියට ඇවිත් Google map එකෙන් බලාගෙන අපි නුවර නවාතැන උන Sun Set Forest villa එකට ආවා. ( අහ් කියන්න බැරි උනානෙ අපි මේක නෙමෙයි Book කරේ. අපිට පොඩි ගැටලුවකට මූන දෙන්න උනා ගමන පටන් ගද්දිම. පෙරහැර දවස් නිසා අපි කලින් book කරලා තිබ්බ කාමරේ වෙන කෙනෙක්ට වැඩිගානකට දීලා. Booking.com එකෙන් book කරලා තිබ්බත් booking එක තියෙද්දිම ඒ මනුස්සයා වෙන කෙනෙක්ට අපේ කාමරේ දීලා තිබ්බා. New kandy Residence කියලා නුවර වැව ලග තීන තැනක්. උදේ පාන්දර ලේ කෝප කරගෙන තමයි ගමන පටන් ගත්තෙ. නුවරට එනකන්ම ඉන්න තැනක් හම්බුනේ නෑ හැම තැනම book. වාසනාවට නුවරින් බැහැලා ටික වෙලාවකින් අපිට තැනක් ලැබුනා. ඒ වෙලාවෙම booking එක දැම්මා ඒ නිසා. අපි නුවර අපේ නවාතැනට ආවා. ටික වෙලාවකින් අපිට කාමර ලෑස්ති කරලා දුන්නා. Family room එකක් ගත්තෙ. කාමර දෙකක් එක්ක ගොඩක් ඉඩ තීන ලස්සන තැනක්. උඩවත්ත කැලේ පැත්තට වෙන්න තිබ්බ නිසා මාරම ලස්සනයි. විශේෂයෙන්ම කියන්න ඕන එතන හිටිය භාරකරු මාරම හොද නිහතමානී කෙනෙක්. අපි දවල්ට කෑම එතනින්ම අරන් ලෑස්ති වෙලා පිටත් වෙද්දි 1.00 පහු. පොඩි අයියගෙන් බැනුම් අහ අහ ආවේ පරක්කු නිසා. අපි මාලිගාවට ගිහින් තව විශේෂ වැඩකට සම්බන්ධ උනා. ඒ තමයි කරඩුව වඩම්මන ඇතාගෙ ඇදුමයි ඇනිත් ඇත්තුන්ගෙ ඇදුන් ලෑස්ති වෙන ස්ථානයට යන්න ලැබුනා. පොඩි අයියගෙ මාර්ගයෙන් ලැබුන මේ අවස්ථාන කවදාවත් අමතක නොවෙන දෙයක්. ඊට පස්සෙ අපි පෙරහැර බලන්න වාඩි උනා. ඒකත් මාලිගාවේ මිදුල ඇතුලෙමයි. ඒකටත් පොඩි අයියට ගොඩක් පිං ලැබෙන්න ඕන. හවසම වාඩි උනාට එක විදියකට වාඩි වෙලා ඉන්නම බෑ. අන්තිම කට්ටටම එපා වෙලා තිබ්බෙ. ඒත් එලියෙ අනිත් මිනිස්සු උදේ ඉදන් හිටගෙන ඉන්නවා දකිද්දි මේක මොකක්ද කියලා හිත හදාගත්තා. අවසන් රනිදෝලි පෙරහැර වීදි සංචාරය කරන්න ගත්තා. පෙරහැර ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැනෙ. පෙරහැර එනකන් තිබ්බ මහන්සිය පෙරහැර යන වෙලාවෙ දැනුනෙ වක් නෑ. කොහොම හරි පෙරහැර ඉවර වෙලා ටිකක් වෙලා මාලිගාවේ ඉදලා. අපි පිටත් උනා. රෑට කඩේකින් කාලා එහෙම්ම දිගටම ආවා. විශේෂත්වේ මේ මහ රෑ පයින් ආවේ අපේ නවාතැනට. Google map එකේ short cut වලින් ගිහින් තව ටිකෙන් මහ කැලේක අතරමං වෙනවා. ඒ ආයේ ආයේ ගොවල් අස්සෙන් අස්සෙන් ගිහින් අපි ආවා hotel එකට කොහොම හරි. ආවා විතරයි ඇගහෝදන් නිදා ගත්තා තිබ්බ මහන්සියේ තරමට Good morning. අද නුවර දෙවනි දවස උදේම ලෑස්ති වෙන්න හිතන් හිටියට නැගිටිද්දි 9.00 ත් පහු. අපි ඉක්මනින් ලෑස්ති වෙලා. උදේට එතනින්ම කාලා ඉක්මනින් පිටත් උනා. ආයෙත් මාලිගාවට යන්න හිතන් හිටියත් වෙලාවක් නැති නිසා කෙලින්ම ගියා. යනකොට මාලිගාවේ දවල් පෙරහැර පටන් අරන්. එපාර සෙනග අස්සෙන් බැනුම් අහ අහ යන්නයි උනේ අපිට. එහෙම්ම kcc එකටත් ඔලුව දාගෙන අපි නුවර බස් stand එකට ආවේ තවත් ලස්සන ගමනාන්තයකට යන්න. A/c බස් එකකම වාඩි උනා තිබ්බ මහන්සියට.
Comments
Post a Comment