අවාරේ සිරිපා කරුණාව | Off Season Sripada Hiking | සදගලතැන්න හරහා ‌ඉහළට - පලාබද්දල රජ මාවත හරහා පහළට

 

 


         ඔන්න අපි මේ පාර අවාරේ ශ්‍රී පාදේ කරුණා කරන්නයි ලෑස්තිය. කලින් බඹරගල පතනෙ අපි ගිය ගමනෙදි අපි යෝජනා කර ගන්නවා මේ අවා⁣රෙදි සමනළ කන්ද තරණය කරන්න. ඇල්ලෙ ගමන ගිහින් ටික කාලයක් ගිහින් තිබ්බ නිසා මටත් ඒ අදහස අමතක වෙලා තිබ්බෙ. ඒත් එක පාරටම අපේ wanderlust Group එකේ මේක ගැන කතාවක් යන්න ගත්තා. ඉතින් අන්තිම තීරනේ උනේ අවාරය සඳගලතැන්න හරහා ඉහළට ගිහිල්ලා රත්නපුර ශ්‍රී පලාබද්දල පාරෙන් පහළට එන්න. ගමනට අවශ්‍ය සියලු දේවල් රැස්කරගනිමින් ටික ටික දවස් ගියා. අපේ අන්තිම තීරනේ උනේ 05 වෙනිදා හවස පිටත් වෙලා 07 වෙනිදා ගෙදර එන්න. ඔන්න එහෙනම් ඇගිලි ගැන ගැන හිටිය දවස ආවා.


2022.11.05 කොළඹින් badulla night mail යන්න කතාකරගෙන හිටිය නිසා අපි කොළඹට එන්න හවස 4.00 ට විතර තීන train එකෙන් ගමන පටන් ගත්තා. හික්කඩුවෙන් train එකට ගොඩ උන මට අම්බලන්ගොඩ තව සාමාජිකයන් දෙන්නෙක් එකතු උනා. ඩිලාන්, ඉසුරු මල්ලි එක්ක මම කොළඹට යන්නෙ ගමන ගැන හැම දේම එයාලව දැනුවත් කර කර. හරි අපි කොළඹින් බහිනකොට හවස 6.20 වගේ වෙලා. අපි ⁣කතා කරගත්තෙ කට්ටිය කාලා එන නිසා අපි මුලින්ම කාලා ඉන්න එක හොදයි කියලා. ඒත් අපිට ටිකක් වෙලා ඉන්න උනා නදී අක්කා එනකන්. ඊට පස්සෙ අපි හතර දෙනා මල්වත්ත පාරෙන් රතු පල්ලිය පැත්තට ගියා මොනවා හරි කන්න බලාගෙන. ශ්‍රී පාදේ කරුණා කරන නිසා අපි හැමෝම ඒ වෙද්දිත් මස් මාලු නොකා පේවෙලා හිටියෙ. ඒත් අපිට කෑම මොකුත් හොයා ගන්න බැරි උනා. එහෙම්ම අපිට අපේ ගමනේ ගයියයි. ගයියගෙ මල්ලි සෙට් උනා. දැන් ඔක්කොම හයයි. රෑ උන නිසා අපි ආයෙත් කොටුව station එකට ආවේ station කැන්ටිමෙන් මොනවා හරි බඩ⁣ට දාගන්න බලාගෙන. අපිට කොටුවෙන් දසයා අයියයි. අපි ඉසුරු අයියයි සෙට් උනා. ඒ වගේම අලුත් මූනකුත් හම්බුනා. නදි අක්කගේ Boyfriend Udara අයියත් සෙට් උනා. Station එකේ කැන්ටිමෙන් කාලා. අපි Station එකට වෙලා හිටියා. Night Mail එක 8.00 විතර වෙද්දි වගේ එන්න තිබ්බත් 8.45 වගේ තමයි ආවේ. අපි 2nd class ticket අරගෙන තිබ්බත් අපිට sheet නම් අල්ලගන්න බැරි උනා. මොකද train එක කොළඹට එද්දිම කට්ටිය වාඩි වෙලා ආපු නිසා. කලින් තරම් සෙනගක් නැතත් සාමාන්‍යය ගානට සෙනගක් හිටියා. ( බදුලු කෝච්චියක යනෝනම් මොකක උනත් අනිවාර්යයෙන් ticket book කරගෙන යන්න ). හරි අපි සෙට් එකම එක තැන හිටියෙ. මාරු වෙවී පුලුවන් අය බිම ඉදගෙන කයියක් ගහගෙන අපි ගමන යන්න ගත්තා. කොච්චිය කොළඹින් ගොඩක් පරක්කු වෙලා ඇද්දුවේ. ඒ නිසා ⁣අපිට ගොඩක් වෙලා කෝච්චියට වෙලා ඉන්න උනා. පොල්ගහවෙලෙන් ⁣අපේ තවත් දෙන්කෙන් නැග්ගා. ඒ තිලිනි අක්කයි එයාගෙ මල්ලියි. අපිට දැන් කම්මැලී නිසා කට්ටියට කරදරයක් නොවෙන්නෙ හිමීට තට්ටුවක් දාගෙන සින්දුවක් කිව්වා. එහෙම කියාගෙන යනකොට අපිට කාලය යනවා දැනුනෙ නෑ. අපි නාවලපිටියටත් ආවා. එතනින් ශාමින්ද අයියයි. අපේ ඩිලායි. ඩිලාගෙ දෝණියි ⁣අපි ඉන්න තැනින් කෝච්චියට ආවා. අපේ සෙට් එකම දැන් හරි. දැන් කටිටියත් එක්කම හැටන් වලට යන ගමන් ඉන්නෙ. කට්ටිය ගොඩක් තැන තැන නිදි. හැටන් වලටත් ආවා. හැටන් වල station එකේ ඉන්න දෙන්නෙ නැති නිසා අපේ අවශ්‍යතා ඔක්කොම station එකෙන් කරගෙන අපි station එකේ ඉස්සරහට ආවා. ඉස්සරහින් අපේ බඩු ටික තියලා බිම හාන්සි වෙලා විවේක ගත්තා. ඒ අතරේ කට්ටියක් hatton town එක පැත්තට ගියා. මට නම් නින්ද ගියා එතන.


11.06 වෙනිදා උදේ පාන්දරම ගමන පටන් ගන්න හිටියත් නල්ලතන්නියට යන්න බස් එක තිබ්බෙ 6.50 ඒ නිසා අපි station එකට සමු දීලා පිටත් උනා stand එකට. එතනින් උදේට පොඩි දෙයක් කාලා තේ එකක් බීලා. බස් එකට ගොඩ උනා. මාරම සෙනගක් හිටියෙ. අපේ කොල්ලො අපිට කලින් නැගිලා sheet වල වාඩි වෙලා. එපාර අපි නැග්ගාම අපිට sheet එක දීලා. එහෙන්ම ඉසසරහ දොරට ගියා. බස් එකේ නල්ලතන්නියට යන ගමන් වටේ පේන ලස්සන විදින්න අමතක කරන්න එපා. අපි මගකින් බැස්සෙ එහෙන්ම මෝහිනි ඇල්ලට යන්න. එතන ටික වෙලාවක් ඉදලා වාහනයක් කතා කරගත්තා මරේ වත්තට යන්න. ඊට කලින් අපි ඒ වාහනේම නල්ලතන්නියට ගිහින් දවල්ට බත් මුල් ටිකක් හදාගෙන මරේ වත්ත පැත්තට පිටත් උනා. පාරේ මුල් ටික ලේසි උනාට වත්ත ඇතුලට යන්න යන්න පාර ගොඩක් දුෂ්කරයි. ගල් මුල් වල යන්න පුලුවන් හොද වාහනයකින් ඇර ඒ පාරවල් වල යන්න එපා. ඈතින් පේන ගවරවිලතැන්න. ශ්‍රී පාදය. මරේ ඇල්ල, තවත් එක එක තැන් වලින් වැටෙන වතුර පාරවල්, ඈතින් පේන කදු පන්ති, පහළ තීන ජලාශය ඒ ගමනෙ තීන මහන්සිය නැති කරලා දානවා. අපි රාජමලේ මාවත හෙවත් සඳගලතැන්න හරහා වැටෙන සිරිපා වන්දනා මාර්ගය පටන් ගන්න තැනට ආවා. එතන දොඩම් ගහක් තිබිලා එතනිනුත් ගෙඩි ටිකක් කඩාගෙන කාලා අපි ලෑස්තිය ගමන පිටත් වෙන්න. කොළ අත්තක් කඩලා එල්ලලා අපි කැලේට ඇතුල් උනේ කැලේට අදිපති දෙවියෙක් හෝ කුමන හෝ බලවේගයක් තීනවනම අපිව ආරක්ෂා කරන්න කියලා ප්‍රාර්ථනා කරලා. මේක අපේ සම්ප්‍රධායක් ඒක රකින එක අපේ වගකීමක්.  අපි රැදී ඉන්නෙත් සමන් දෙවියක්ගෙ අඩවිය තුළ. ඒ නිසා ඒ විශ්වාස එසේම සිදු කරලා අපි කැලේට ඇතුලු උනා. වැස්ස දවසක් නොවුනත් පටන් ගත්ත වෙලාවෙ ඉදන් කූඩැල්ලො නම් අඩුවක් නෑ. ගමනෙ ටිකක් දුර යද්දිම කූඩැල්ලන්ගෙන් අපිට ප්‍රවේසම් වෙන්න උනා. පාර කෙටි උනත් නගින්න තීන ආනතිය වැඩි නිසා සහ ලොකු බරක් උස්සන් යන නිසා අපිට වෙහෙස වැඩියෙන් දැනුනා. සෞම්‍ය දේශගුණයක් තියෙන එක ඇගේ වෙහෙස නිවෙන්න හේතුවක් උනා. අපි සඳගලතැන්නට එනකොට දවල් 11 වගේ වෙලා තිබුනත් ලොකු අවුවක් තිබුනෙ නෑ. අහස පැහැදිලී. ඒ පැහැදිලි අහස ටික වෙලාවකින් ලොකු මීදුමකින් වැහිලා ගියා. සමණළ කන්ද මීදුම එක්ක ගැටෙද්දි ඒ තීන සුන්දරත්වය විදින්න නම් සඳගලතැන්නටම යන්න ඕ⁣න. අපි දවල් කැමත් මෙතනින් අරගෙන පැයකට වැඩි වෙලාවක් මෙතන රැදී සිටියා. මෙච්චර වෙලා පැහැදිලිව තිබ්බ අහස අදුරු වී ගෙන ආවා⁣. වැස්සක ලකුණු ආව නිසා අපි ඉක්මනට කැලේට නැවත පිටත් උනා. මොකට ඉස්සරහා මාර්ගය ගොඩක් ලිස්සනවා. වැස්ස පටන් ගත්තොත් අපිට ගමන ටිකක් අමාරු වෙන නිසා. තෙතමනය තියෙන වන වැස්මක ගමන් කිරීම නිසා අපිට වතුරනම් එච්චර ගැටලුවක් උනේ නැ. බලන බලන තැන උල්පත් වලින් ගලායන වතුර පාරවල්. අපි ටික ටික මහගිරිදඹේ පේන මානයට ආවා. සිරිපා කරුණා කිරීමේදී ප්‍රධාන මාර්ග දෙකක් පමණක් ඇත. අනෙකුත් සියලුම මාර්ග මේ මාර්ග දෙකට එකතු වෙනවා. ඉතින් මේ රාජමලේ මාවතත් මහගිරිදඹේට ටිකක් යටින් හැටන් නල්ලතන්නි පාරට එකතු උනා. අපි ඉහළට කරුණා කරන්නෙ උඩ මලුවෙ රාත්‍රිය පහන් කිරීමට බලාපොරොත්තුවෙන් නමුත් අපිට උඩමලුවෙ ඉන්න අවසර නොලැබුන නිසා අහස් ගව්වෙ කදවුරු බැදීමට සිදු උනා. අපි පහලට කරුණා කරන්න සිටින්නෙ රත්නපුර පාරෙන් නිසා හැටන් පාරේ පහලට ගොස් නැවත ඉහළට පැමිණෙන්න අපහසු නිසා අපිට අහස් ගව්වෙ රැදී ඉන්න සිද්ද උනා. ඇදිරි වැටීමට තව වෙලා තිබුනත් අපි ඉක්මනින් කූඩාරම් අටව ගත්තා. ඇති දැඩි සීතල හා රාත්‍රි ආහාරය සකසා ගැනීමට අවශ්‍ය නිසා අපි කූඩාරම් සූදානම් කරගෙන අවශ්‍ය කලමනා රැස් කරගෙන ආහාර පිසින්න පටන් ගත්තා. මුලින්ම අපිට රසම රස තේ එකක් ගමනට සහබාගී උන කාන්තා පාර්ශවය සාදා දුන්නා. අපි ගෙනාව බිස්කට්, කේක් වගේ දේවල් එක්ක තේ එක බීලා අපි කාලය ගත කරා. මේ අතර තවත් කූඩාරමක රෑ කෑම සූදානම් උනා. රාත්‍රි ආහාරය ලබා ගන්න විට උපරිම 7.00 පමණ වී ඇති. පරිප්පු හා කොච්චි සම්බල් පාන් සමග. දිව්‍ය ආවාහරයක් වගේ ඒ වෙලාවට. අහාස් ගව්වෙ කූඩාරම් ගසා සිටිනවා දුටු උඩ මලුවෙ මුරකරු අපට දොස් නගා පිටව යන ලෙසට පැවසූවත් රාත්‍රිය එළඹ ඇති නිසා අපි එම ස්ථානයෙම සිටීමට තීරණය කරා. දැඩි සීතල හා ⁣ඇගට දැනෙන වෙහෙස නිසා අපි රාත්‍රි 09 වන විට නින්දට ගියා.


11.07 පෝය දවස නිසා අපිට වේලාසනම අවදිවන්නට උනා. ඒ පැමිණෙන බැතිමතුන්ට හිරිහැරයක් නොවීමට අවශ්‍ය නිසා කූඩාරම් ගැලවීමටයි. අපි උදේට කිරි තේ එකක් හදන්න බැලුවෙ ඒත් වතුර නෑ. පාන්දර 3ට පමණ මමත් සමග තව තුන් දෙනෙක් උඩ මලුවට ගියේ අපේ වතුර අවශ්‍යතාවය සපුර ගන්නටයි. වතුර රැගෙන විත් අපි උ⁣දෑනට කිරි තේ එකක් පිලියෙල කරගෙන ඒක රසවිද. සියලු බඩු රැගෙන අපි උඩ මලුවට ගියේ උදෑසන හිරුගෙ අරුණලු වැටෙනවාත් සමගය. අවාරයේ ඉර සේවය බැලීමට අපහසු උවද මලුව තුළ 100කට ආසන්න පිරිසක් ඒ වන විටත් රැදී සිටියෙ ඉර සේවය බැලීමටයි. එහෙම්ම ඉහළට මලුවට ගොස් මලුව විවෘත කරන තුරු රැදී සිටිමට අපට සිදුවූයේය. උදෑසන විවෘත කරන විට විශාල සෙනගක් සිටියෙ හරියට වාරේ දවසක පැමිණියාදෝ කියා සිතට දනවමිනි. පොහොය දවසක් ඌ නිසා මලුව විවෘත කරන නිසාම අවා⁣රයේ පැමිණි විශාල සෙනගක් රැදී සිටියෙ අප මහා මුණිදුන්ගෙ සිරිපතුල වන්දනාකරගැනීමටය. අපත් මුණි සිරිලා වන්දනා කර එහෙන්ම පහළට කරැණා කරන්න පටන් ගත්තෙ පහළ පෙනෙන ආඩියාමලතැන්න අම්බලමට යන අදහසිනි. ඒ අතර මා හ⁣ට ඉතා දුර්ලභව දිස් වල කොළඹ නගරය දෑසින් දැකගත හැකිවිය. අහස පැහැදිලි දිනයක කොළඹ නගරය දැක ගැනීමට හැකිය. ටික වෙලාවක් ඉදලා අපි පහලට කරුණා කරන්න ගත්තා. අම්බලමෙන් බෑග් මලු තියලා අපි අපේ සියලුම අවශ්‍යතා ඉටු කරගන්නා අතර තවත් පිරිසක් උදෑසන ආහාරය පිලියෙල කරමින් සිටියා. අපි එතනින් උදේ ආහාර ලබාගෙන අපේ ගමන අපි නැවතත් පටන් ගත්තෙ අපි දවල්ම පහලට ගොස් මාපලාන ඇල්ලට යෑමටයි. රත්නපුර ශ්‍රී පලාබද්දල මාවත හැටන් නල්ලතන්නි පාරට වඩා දුරය. අනපේක්ෂිත විදියට නදි අක්කගෙ boyfriend ට ටිකක් අමාරු උනා. ඉක්මනින් ගමන් කිරීමට අපහසුතාවයක් දැක්වූ නිසා අපි හය දෙනා හිමීට එකට ගමන් කිරීමට තීරණය කරා. ඒ විටත් අපේ නඩේ අනිත් කොටස අපිට වඩා ඉදිරියෙන් ගමන් කරමින් සිටියා. කකුල අපහසු උවද කෙටි විවේක ලබා ගනිමින් අපිට ගමන් කිරීමට සිදු උනේ අපිට රත්නපුරට ගමන් කිරීමට ඇති බස් රිය 5.30ට පිටත් වෙන බැවිනි. පහල ගමට එන විට ඇගට දැඩි වෙහෙසක් තිබූ නිසා පොඩි ගෙදරක තබා තිබූ දැනිවීමක් දැක අපි වෙහෙස නිවා ගැනීමට කෙටි විවේකයක් ලබා ගැනීමට නැවතුනා. දෙහි බීම හා වඩේ වලින් අපගේ මහන්සිය නැති ⁣කරගෙන අපි ගමන ඉක්මන් කරා. මේ අතර පොඩි වර්ෂාවක් ඇදහැලුනා. ඒ අතර අපේ නඩේ මුලින් ගිය කොටස මාපලාන ඇල්ලට ගොස් වෙහෙස නිවාගෙන පැමින තිබූ අතර අපි ඉක්මනින් ශ්‍රී පලාබද්දල විහාරයට පැමිණෙමින් සිටියහ. බස් එක 5.30 උවද අපේ නඩේ එක කොටසක් කලින් ගිය නිසා බස් එකට විස්තරේ කියලා බස් එක යාමට නොදී පමා කරගෙන තියාගෙන තිබුණි. ගමනේ අවසාන දුර ප්‍රමාණය අයියව අපිට රැගෙන ඒමට සිදුඋනේ අක්කටත් අමාරු බව වැටහුනු නිසාය. අයියගෙ ගමන් මල්ල අපේ එක සාමාජිකයෙකු ලබා ගත් අතර අයියගෙ බර මා විසින් දරා ගෙන පහලට රැගෙන ගියේය. පරක්කු වී පැමැණියත් කෙසේ හෝ බස් රථයට ගොඩවීමට හැකිවීමට හිතට මහත් අස්වැසිල්ලක් විය. එසේ බස් රථය පිටත් වී අපි රත්නපුරට ලගා වූයේය. රත්නපු⁣ර කඩේකින් රාත්‍රි ආහාරය ලබාගෙන අපි කොළඹට පිටත් වීමට බස් එකක් එන තුරු රැදී සිටියේය. දැඩි වර්ෂාවක් ඒ වන විට රත්නපුර නගරයට වැටුනු අතර අපි බදුල්ල⁣ කොළඹ බස්රියකට ගොඩ උනේය. ආසන නොමැති ඌ නිසා දැඩි මහන්සියට ආසනයකට හේත්තු ටික දුරක් ගමන් කිරීමට වූ අතර ඉන් පසු ආසනයක් හමුවිය. කොළඹට එන අතර අපගේ සාමාජිකයක් විසිරුණු අතර. කොළඹට මමයි. ඩිලාන්, ඉසුරු මල්ලි, ගයියා, ගයියගෙ මල්ලි, තිලිනි අක්කා, තිලිනි අක්කගෙ මල්ලි පමණක් ආවේය. එතනින් අපි තුන් දෙනා මාතර බස් රථයකට ගොඩ උන අතර ගමන එසේ අවසන් උනේය.


Full Vlog : https://youtu.be/2e3Ws9VwYU4


තවත් සංචාරයකින් ලගදීම හමුවෙමු.

Comments