Christmas Day Special Vlog | Negombo | Blog No 04
Full Video - https://youtu.be/IiQBYMwO1Wc එහෙනම් ඔන්න ටික කාලෙකට පස්සෙ අලුත් Vlog එකක් ගේන්න හිතුවා. පහු ගිය කාලෙම කොහෙවත් යන්න බැරි උන නිසා නත්තලට අපි කොහේ හරි යන්න හිත හිත හිටියෙ. ඒ අතරේ මීගමුවෙ පුංචිලා අපිට මීගමුවෙ එන්න කියලා කලින් ඉදන් කිය කිය හිටියා. ඉතින් ඒ නිසාම අපි 24 උදේ මීගමුවට යන්න පිටත් උනා. ( උදේ කිව්වට උදේමත් නෙමෙයි. යද්දි 12ත් පහු ) ඉතින් අපි මීගමුවෙ පුංචිලෑ ගෙදරට යද්දි හවස් උනා. ඉතින් මුලින්ම අපි එහෙට ගිය ගමන් කලේ ඇග හෝදන් කාපු එක. තිබුණ මහන්සිය කොහෙන් ගියාද දන්නෙ නෑ ඒ ළිදේ වතුර ටික ඇගට වැටුනාම ඉතින් අපි කාලා ටිකක් රෑ වෙලා එලියට ගියේ ගමේ ඇවිදින්න. මීගමුවෙ කිව්වට ගෙවල් නම් තීන්නෙ සදලංකාව කියන පැත්තෙ. මම ගියෙත් පලවෙනි පාරට ඒ ගමට. ඔයාලත් කලින් ගිහින් තියෙන්නනම් විදියක් නැ. හරි ඉතින් අපි යද්දි ආරංචියක් ආවා නත්තල් සීයා ඇවිත් කියලා. ගමේ ගොඩක් අය ඒ පැත්තට ගියා. බලද්දි නත්තල් සීයා නට නට තෑගි බෙදනවා ගෙවල් ගානෙ. හැම අවුරුද්දෙම ගමේ කෙනෙක් එහෙම කරනවා කියලා තමයි අපිට ආරංචි උනේ. අපිත් ඉතින් පොඩි උන් වගේ ටොෆි චොක්ලට් කාලා ආවා. දන්නෙම නැතුව රෑ වෙලා. ඉතින් අපි කලින් කතාකරගත්තෙ ගෙවල්...