Christmas Day Special Vlog | Negombo | Blog No 04





Full Video - https://youtu.be/IiQBYMwO1Wc

එහෙනම් ඔන්න ටික කාලෙකට පස්සෙ අලුත් Vlog එකක් ගේන්න හිතුවා. පහු ගිය කාලෙම කොහෙවත් යන්න බැරි උන නිසා නත්තලට අපි කොහේ හරි යන්න හිත හිත හිටියෙ. ඒ අතරේ මීගමුවෙ පුංචිලා අපිට මීගමුවෙ එන්න කියලා කලින් ඉදන් කිය කිය හිටියා. ඉතින් ඒ නිසාම අපි 24 උදේ මීගමුවට යන්න පිටත් උනා. ( උදේ කිව්වට උදේමත් නෙමෙයි. යද්දි 12ත් පහු 😂 ) ඉතින් අපි මීගමුවෙ පුංචිලෑ ගෙදරට යද්දි හවස් උනා. ඉතින් මුලින්ම අපි එහෙට ගිය ගමන් කලේ ඇග හෝදන් කාපු එක. තිබුණ මහන්සිය කොහෙන් ගියාද දන්නෙ නෑ ඒ ⁣ළිදේ වතුර ටික ඇගට වැටුනාම 😍 ඉතින් අපි කාලා ටිකක් රෑ වෙලා එලියට ගියේ ගමේ ඇවිදින්න. මීගමුවෙ කිව්වට ගෙවල් නම් තීන්නෙ සදලංකාව කියන පැත්තෙ. මම ගියෙත් පලවෙනි පාරට ඒ ගමට. ඔයාලත් කලින් ගිහින් තියෙන්නනම් විදියක් නැ. හරි ඉතින් අපි යද්දි ආරංචියක් ආවා නත්තල් සීයා ඇවිත් කියලා. ගමේ ගොඩක් අය ඒ පැත්තට ගියා. බලද්දි නත්තල් සීයා නට නට තෑගි බෙදනවා ගෙවල් ගානෙ. හැම අවුරුද්දෙම ගමේ කෙනෙක් එහෙම කරනවා කියලා තමයි අපිට ආරංචි උනේ. අපිත් ඉතින් පොඩි උන් වගේ ටොෆි චොක්ලට් කාලා ආවා. දන්නෙම නැතුව රෑ වෙලා. ඉතින් අපි කලින් කතාකරගත්තෙ ගෙවල් ලග තියෙන දේවස්තානයට යමු කියලා. ඒත් කටුවපිටිය දේවස්තානයට යමු කියලා පිටත් උනා. නත්තල් ලබන්න ඔන්න මෙන්න අපි දේවස්තානයෙ දේව මෙහෙයට ගියා. සාමාන්යයෙන් ලොකු ආරක්ෂාවක් දාලා තිබුනත් ඒ කිතුනු අය තමන්ගෙ දෙවියන් වහන්සේ සිහි කරමින් තමන්ගෙ ආගමික වතාවත් කරා. අපිත් ඉතින් නොදන්නවා උනත් ඔවුන්ට බාදාවක් නොවෙන්න බලන් හිටියා. කටුවාපිටියෙන් අපි රෑ 1.30 වගේ පිටත් උනා. එහෙම්ම ගෙවල් ලග තියේ කිව්ව දේවස්තානයටත් ගියා. ඒකත් පොඩි එකක් නෙමෙයි මතක විදියට 1880 වගේ හදපු එකක්. කියවන්න අමාරු නමක් තිබ්බත් ⁣ගමේ අය නම් කියන්නෙ නාලවලාන දේවස්තානය කියලා. ඉතින් අපි එතනත් ඉදලා. ගෙදර ආවා. ඇවිත් කතාවක් දාගෙන නින්දට ගියා.
දෙවනි දවස. උදේ පාන්දර ඇහැරෙන්න හිටියත් නැගිටිද්දි උදේ 10යි. බලද්දි හොදටම වහිනවා. News බලද්දි දැක්කෙ රෑ වැස්සට ගොඩක් පැති යට වෙලා කියලා. කොහොම හරි ටිකක් දවල් වෙන්න වැස්ස පෑව්වා. අපි කරන්න හිටිය දේවල් කරන්න බැරි උනත් අපි තුන්දෙනෙක් එලියට ආවා තව ගමෙ බලන්න දේවල් තියේ කිව්ව නිසා. එහෙමම තව දේවස්තානයකට ගියා. ඒ ගමේ ගොඩක් ගඩොල් මෝලවල් තියේ. ඒවත් බලාගෙන අපි ආයෙ නාලවලාන දේවස්තානය ලගට ආවා. එතන ටිකක් වෙලා ඉදලා එහෙම්ම ගෙදර ආවා. වැස්ස නිසා අපිට ගෙදරමයි ඉන්න උනේ. හවස් වෙද්දි ටිකක් වැස්ස පෑව්ව නිසා අපි මීගමුව වෙරළට ගියා. එතනත් ලොකු වෙලාවක් ඉන්න උනේ නැ. කරන්න ගිය දේවල් වලට වැස්ස හරස් උනා. ඉතින් අපි ගෙදර ආවා.
තුන්වෙන් දවසෙ අපි ⁣උදේන්ම කුරුණෑගල යන්න පිටත් වෙන්න හිටියත් ටිකක් දවල් උනා පිටත් වෙද්දි. ⁣අපිත් එක්ක ගමන ගිය ටික දෙනෙක් ගෙදර ගියා. අපි කුරුණෑගලට යන්න පිටත් උනා. ඉතින් සදලංකාවට සමුදීලා අපි කුරුණෑගල බස් එකක නැග්ගා. එහෙනම් එතනින් පස්සෙ මොකද උනේ කියලා අපි ඊලඟ Vlog එකෙන් බලමු.
හැමෝම පරිස්සමෙන් ඉන්න.


#travelsrilanka #beautifulsrilanka #hikingsrilanka #camping #Mountaineering #campingsrilanka #nature #travelphotography #travelvlogger #travelblogger #vlog #vlogger #youtube #travelblog #traveling #travelling #wanderlust #traveltheworld #youtuber #traveller #adventure#gopro #photography #explore #nature #traveler #trip #traveladdict #vacation #travelgoals #travelstories #travel #travelphotography #photography #srilanka #beautifuldestinations #beautifulsrilanka #srilanka #vagabond #instatravel #travel #traveler #igtravel #travelbug #travelblog #wanderer #bbctravel #lonelyplanet #travellife #travelblogger #travellifestyle #traveling #travelphotography #traveller #travelgram #traveldiaries #adventuretime #naturelover #explore #exploremore #travelvlog,#travelsrilanka,#beautifulsrilanka,#hikingsrilanka,#camping,#mountaineering,#campingsrilanka,#nature,#travelphotography,#travelvlogger,#travelblogger,#vlog,#vlogger,#youtube,#travelblog,#traveling,#travelling,#wanderlust,#traveltheworld,#youtuber,#traveller,#adventure,#photography,#explore,#traveler,#trip,#traveladdict,#travelgoals,#travelstories #Christmas #Naththal #Xmas #නත්තල #Jesus #St._Sebastian's_Church #Katuwapitiya #Negombo #කටුවපිටි #ශාන්ත_සෙබස්තියන්දේ_වස්ථානය #කටුවපිටිය #මීගමුව

Comments