සීතල නුවරඑළිය | Nuwara Eliya Vlog | Family Travel | Blog No 02

 



හැමෝමව ආයුබෝවන් කියලා පිලිගන්නවා.නුවර Vlog එකෙන් පස්සේ මේ අපේ දෙවෙනි Vlog එක. කතාව මෙහෙමයි. අපේ ගමන Plan කලේ දවස් හතරකට ඉතින් මේ අපේ ගමනේ දෙවෙනි දවස. නුවර ඉදලා උදෙන්ම පිටත් වෙන්න හිතන් හිටියත් කට්ටියටම සැප නින්දක් ගිහින් ඇහැරෙද්දි ටිකක් දවල් වෙලා එහෙම්ම ඉතින් ටිකක් කතාවක් දාගෙන ඉදල එක එක්කෙනා ගියා wash දාගන්න. කොහොමහරි කට්ටියම ලෑස්ති වෙලා උදේට කාලා යන්තන් එකොලහ වගේ වෙද්දි එලියට ආවා. ඒ ඇවිත් KCC එක පැත්තේ රවුමකුත් ගිහින් එතනින් නැග්ගා නුවර එළියට එන්න A/C බස් එහෙක මොකද මේ වෙද්දි ඇවිදලා ආපු නිසා කට්ටියටම මේ යන ගමන අතරතුරේ පොඩි නින්දක් දාගෙන නිදහසේ යන්න ඕනෙ උන නිසා. කොහොමහරි බස් එකේ පිටිපස්සේ සීට් එකේම එකාධිපති පාලනය අපි අතේ තිබුනේ. අනිත් අය නිදි අතරේ වටේ ලස්සන බල බල ඔන්න අපි ආවා සුන්දර නුවර එළියට. වෙලාව නම් හයට කිට්ටුයි මේ වෙද්දි. ඊට පස්සේ නුවර එළියේ අපි මුලින්ම ගියේ Post office එක පැත්තට. එතන ෆොටෝස් ටිකක් අරගෙන එහෙම්ම අපි ගියා Cargils food city එකට. මොකද අපි රෑ දෙකක් නුවර එළියේ ගත කරන්න බලාපොරොත්තුවෙන් ආව නිසා ඒ දවස් ටිකට කන්න බොන්න උවමනා කරන බඩු ටිකක් ගන්න. බජට් එකට සෙට් වෙන්න බඩු ටිකක් ගන්න ආවට අන්තිමේදි බජට් කෙසේ වෙතත් මඩු මලු හතරක් විතර කට්ටියගෙම අතේ. ඊට පස්සේ අපි ගියේ අපි නවතින තැන EDCS ගුරු ගෙදර නිවාඩු නිකේතනයට. නුවර එළියේ යන හැම පාරම අපි නවතින්න තෝරගන්නේ එතන.  එතන හරිම නිදහස් ලස්සන Loaction එකක් තියෙන ඉඩකඩ තියෙන තැනක්.  අපේ අම්මා ගුරුවරියක් නිසා අපිට එතනට Part payment එකක් තමයි කරන්න ඕනේ. Full payment එකක් කරලා එතන නවතින්න  උනත් පුලුවන්. එයාල අඩු ගාණකින් හොද සේවාවක් ලබාදෙනවා.(දෙලොස් දෙනෙක්ගේ කාමරයක Single beds 12, Wash room 3,changing room 1 තියෙනවා) ඒ වගේම එතන අපිට ඕනෙ තරම් නිදහස තියෙනවා ඒකයි වැදගත්. හොදම දේ අපිත් එක්ක මේ ගමන එන්න දෙලොස් දෙනෙක් හිටියා අන්තිමට ආවේ හයදෙනයි ඉතින් පෙරලි පෙරලි ඉන්නත් ඉඩ තිබුනා කාමරේ ඇතුලේ අපිට. (ඒ උනාට කට්ටියම ඇදන් හයක් එකතු කරලා ගුලි ගැහිලා තමයි නිදාගත්තෙ ) ඔන්න ඉතින් Good morning කට්ටියටම. උදේ කෑමෙන් පස්සේ කතා කරගත්ත විදිහට යන්න හිටිය තැනට යන්න උනේ නැහැ. මොකද අපිට යන්න Train එකක් book කරගන්න බැරි උන නිසා අපි හිතුවා නානුඔයට ගිහින් අපිට Train එකක් Book කරගන්න පුලුවන්ද බලන්න. ඒත් ඉතින් book කරගන්න බැරි උනා. (Station එකට කෝල් කරලා ඇහුවම පුලුවන් කිවුවම එතනට ගියහම බෑ කිවුවා) ගිය වැඩෙත් හරි ගියේ නැති නිසා එතන ඉදලා අපි සිරි නරඹමින් Gregory park එකට පයින්ම ආවා. ඊට පස්සේ Park 1 එකේ ඉදලා Speed Boat Ride එහෙකුත් ගිහින් පයින්ම ආවා Park 2 එකට අපිට බයිසිකල් පදින්න දැඩි අවශ්‍යතාවයක් ආව හින්දා 😌 ඔන්න බයිසිකලුත් පැදලා අපි ආවා Adma Agro Strawberry Farm එකට. Farm එක නම් බලන්න බැරි උනා ඒ වෙලාවෙ වහලා තිබ්බ නිසා ඒ උනාට ඒකෙ අඩුවක් දැනුනේ නෑ Strawberry වලින් හදපු එක එක කෑම ජාතිවල් රස දැනෙද්දි. Strawberry juice , Strawberry pizza, Chocolate coated strawberry සියල්ල ඇති වෙනතුරු රස බලලා අපි ආවා Moon plains යන්න.  අපි ඉදපු තැන ඉදලා moon plains වලට ගොඩක් ලගයි ඒක නිසා අපි අන්තිමට moon plains යන්න තීරණය කරේ. ඔන්න එතන හංදියෙන් Threewheel දෙකක නැගලා කට්ටියටම ගියා moon plains වල Entrance එක ගාවට. එතනින් Entrance ටිකට් අරගෙන අපි නැග්ගා jeep එහෙකට. ඔන්න එහෙනම් අපි moon plains බලා ගමන පටන් ගත්තා. ඒ ගමන නම් ඇත්තටම මාරම fun. ගමනාන්තයේ කියාගන්න බැරි තරම් ලස්සන View point එකට අපි ආවා. ඉතින් එතන ෆෝටෝ අරගෙන වීඩියෝස් අරගෙන Moon plains වලින් එලියට ඇවිත් අපි කෙලින්ම ගියේ EDCS එකට. රෑ කෑමට බිරියානි with chicken. හොදට බඩ පුරවන් ඊට පස්සේ කාමරේ ඇතුලේ අපි musical show එකක් කරා 😁 හැමෝගෙම සැගවුනු දක්ශතා අදුරගත්තේ ඒ වෙලේ තමයි. Good night--------- Good morning. උදෙන්ම ලෑස්ති උනා කට්ටියම අද  හතරවෙනි දවස ඒ කියන්නේ ගෙදර බලා යන දවස

ගෙදර යන දවස කියලා නිකන්ම යන්න බෑනේ කියලා නුවර එළියේ Towm එක පැත්තේ රවුමක් දාලා ගෙදර ගෙනියන්න සහ යහලු මිත්‍රාදීන් හට පිදේනි අරගෙන අපි ගියා Victoria park එකට. එතන ෆොටෝස් අරගෙන ටිකක් වෙලා ඉදලා අපි එන විදිහකුත් හිතාගන්න බැරුව ආවා Bus Stand එකට. මොකද අපිට යන්න Train එකක් book කරගන්න බැරි උනානේ. මහන්සි නිසා සෙනගත් එක්ක හිටගෙන යන්නත් බෑ. ඒක නිසා Bus එහෙක යමු කියලා තීර්ණේ කරා. ඔහොම ඇවිත් කොලඹට එන්න බස් එකක් බැලුවට හම්බුනේ නෑ. ඉතින් අපි මහනුවරට ඇවිත් එතනින් කොළඹට එන්න ආවා. දැන් නම් කට්ටියටම ටිකක් මහන්සියි. මහනුවරින් අපිට හම්බුනේ වලස්මුල්ල බස් එකක්. වෙලාවට හැබැයි. කොලඹට CTB බස් විතරයි ඒ වෙලාවේ තිබ්බේ. ඒ වෙලාවේ එතන තිබුනු කොළඹට යන CTB බස් එහෙක කොන්දොස්තර මහතා මේක තමයි අන්තිම බස් එක කියලා එතන ඉදපු හැමෝමව ඒ බස් එකට නග්ගත්තා බස් එක සැමන් පැක් කරලා වගේ ගියා. (ඊට පස්සේ අපි එතන ඉදපු ටිකට තව බස් දෙකක් විතර ආවා කොලඹ යන ) ඉතින් වලස්මුල්ල බස් එකේ දෙයියනේ කියලා අපිට ශීට් හම්බුනාට වැඩියෙන්ම ගියේ හිටගෙන. මහන්සියට ටික දුරක් එද්දිම නින්ද ගියා කට්ටියටම. ඉතින් ඒ විදියට අපි සුන්දර දවස් හතරක නිමාව සනිටුහන් කරා.ලස්සන මතක ගොන්නක්.... ආයෙමත් හමුවෙමු !


Full Vlog : https://youtu.be/cWya3VB7Wr0

අපේ ඊලග ගමනාන්තය කොහේ වෙන්න ඇත්ද ? පුලුවන්නම් කියන්න... ඊලග video එකෙත් ලගදිම හමුවෙමු.

Comments