Posts

Christmas Day Special Vlog | Negombo | Blog No 04

Image
Full Video - https://youtu.be/IiQBYMwO1Wc එහෙනම් ඔන්න ටික කාලෙකට පස්සෙ අලුත් Vlog එකක් ගේන්න හිතුවා. පහු ගිය කාලෙම කොහෙවත් යන්න බැරි උන නිසා නත්තලට අපි කොහේ හරි යන්න හිත හිත හිටියෙ. ඒ අතරේ මීගමුවෙ පුංචිලා අපිට මීගමුවෙ එන්න කියලා කලින් ඉදන් කිය කිය හිටියා. ඉතින් ඒ නිසාම අපි 24 උදේ මීගමුවට යන්න පිටත් උනා. ( උදේ කිව්වට උදේමත් නෙමෙයි. යද්දි 12ත් පහු ) ඉතින් අපි මීගමුවෙ පුංචිලෑ ගෙදරට යද්දි හවස් උනා. ඉතින් මුලින්ම අපි එහෙට ගිය ගමන් කලේ ඇග හෝදන් කාපු එක. තිබුණ මහන්සිය කොහෙන් ගියාද දන්නෙ නෑ ඒ ⁣ළිදේ වතුර ටික ඇගට වැටුනාම ඉතින් අපි කාලා ටිකක් රෑ වෙලා එලියට ගියේ ගමේ ඇවිදින්න. මීගමුවෙ කිව්වට ගෙවල් නම් තීන්නෙ සදලංකාව කියන පැත්තෙ. මම ගියෙත් පලවෙනි පාරට ඒ ගමට. ඔයාලත් කලින් ගිහින් තියෙන්නනම් විදියක් නැ. හරි ඉතින් අපි යද්දි ආරංචියක් ආවා නත්තල් සීයා ඇවිත් කියලා. ගමේ ගොඩක් අය ඒ පැත්තට ගියා. බලද්දි නත්තල් සීයා නට නට තෑගි බෙදනවා ගෙවල් ගානෙ. හැම අවුරුද්දෙම ගමේ කෙනෙක් එහෙම කරනවා කියලා තමයි අපිට ආරංචි උනේ. අපිත් ඉතින් පොඩි උන් වගේ ටොෆි චොක්ලට් කාලා ආවා. දන්නෙම නැතුව රෑ වෙලා. ඉතින් අපි කලින් කතාකරගත්තෙ ගෙවල්...

අවාරේ සිරිපා කරුණාව | Off Season Sripada Hiking | සදගලතැන්න හරහා ‌ඉහළට - පලාබද්දල රජ මාවත හරහා පහළට

Image
             ඔන්න අපි මේ පාර අවාරේ ශ්‍රී පාදේ කරුණා කරන්නයි ලෑස්තිය. කලින් බඹරගල පතනෙ අපි ගිය ගමනෙදි අපි යෝජනා කර ගන්නවා මේ අවා⁣රෙදි සමනළ කන්ද තරණය කරන්න. ඇල්ලෙ ගමන ගිහින් ටික කාලයක් ගිහින් තිබ්බ නිසා මටත් ඒ අදහස අමතක වෙලා තිබ්බෙ. ඒත් එක පාරටම අපේ wanderlust Group එකේ මේක ගැන කතාවක් යන්න ගත්තා. ඉතින් අන්තිම තීරනේ උනේ අවාරය සඳගලතැන්න හරහා ඉහළට ගිහිල්ලා රත්නපුර ශ්‍රී පලාබද්දල පාරෙන් පහළට එන්න. ගමනට අවශ්‍ය සියලු දේවල් රැස්කරගනිමින් ටික ටික දවස් ගියා. අපේ අන්තිම තීරනේ උනේ 05 වෙනිදා හවස පිටත් වෙලා 07 වෙනිදා ගෙදර එන්න. ඔන්න එහෙනම් ඇගිලි ගැන ගැන හිටිය දවස ආවා. 2022.11.05 කොළඹින් badulla night mail යන්න කතාකරගෙන හිටිය නිසා අපි කොළඹට එන්න හවස 4.00 ට විතර තීන train එකෙන් ගමන පටන් ගත්තා. හික්කඩුවෙන් train එකට ගොඩ උන මට අම්බලන්ගොඩ තව සාමාජිකයන් දෙන්නෙක් එකතු උනා. ඩිලාන්, ඉසුරු මල්ලි එක්ක මම කොළඹට යන්නෙ ගමන ගැන හැම දේම එයාලව දැනුවත් කර කර. හරි අපි කොළඹින් බහිනකොට හවස 6.20 වගේ වෙලා. අපි ⁣කතා කරගත්තෙ කට්ටිය කාලා එන නිසා අපි මුලින්ම කාලා ඉන්න එක හොදයි කියලා. ඒත් අපිට ...

සීතල නුවරඑළිය | Nuwara Eliya Vlog | Family Travel | Blog No 02

Image
  හැමෝමව ආයුබෝවන් කියලා පිලිගන්නවා.නුවර Vlog එකෙන් පස්සේ මේ අපේ දෙවෙනි Vlog එක. කතාව මෙහෙමයි. අපේ ගමන Plan කලේ දවස් හතරකට ඉතින් මේ අපේ ගමනේ දෙවෙනි දවස. නුවර ඉදලා උදෙන්ම පිටත් වෙන්න හිතන් හිටියත් කට්ටියටම සැප නින්දක් ගිහින් ඇහැරෙද්දි ටිකක් දවල් වෙලා එහෙම්ම ඉතින් ටිකක් කතාවක් දාගෙන ඉදල එක එක්කෙනා ගියා wash දාගන්න. කොහොමහරි කට්ටියම ලෑස්ති වෙලා උදේට කාලා යන්තන් එකොලහ වගේ වෙද්දි එලියට ආවා. ඒ ඇවිත් KCC එක පැත්තේ රවුමකුත් ගිහින් එතනින් නැග්ගා නුවර එළියට එන්න A/C බස් එහෙක මොකද මේ වෙද්දි ඇවිදලා ආපු නිසා කට්ටියටම මේ යන ගමන අතරතුරේ පොඩි නින්දක් දාගෙන නිදහසේ යන්න ඕනෙ උන නිසා. කොහොමහරි බස් එකේ පිටිපස්සේ සීට් එකේම එකාධිපති පාලනය අපි අතේ තිබුනේ. අනිත් අය නිදි අතරේ වටේ ලස්සන බල බල ඔන්න අපි ආවා සුන්දර නුවර එළියට. වෙලාව නම් හයට කිට්ටුයි මේ වෙද්දි. ඊට පස්සේ නුවර එළියේ අපි මුලින්ම ගියේ Post office එක පැත්තට. එතන ෆොටෝස් ටිකක් අරගෙන එහෙම්ම අපි ගියා Cargils food city එකට. මොකද අපි රෑ දෙකක් නුවර එළියේ ගත කරන්න බලාපොරොත්තුවෙන් ආව නිසා ඒ දවස් ටිකට කන්න බොන්න උවමනා කරන බඩු ටිකක් ගන්න. බජට් එකට සෙට් වෙන්න බඩු...

Kandy Esala Perahera & Around The Kandy Blog | සෙංකඩගල ඇසළ මංගල්‍යය 2022 | Blog No 01

Image
       මාස තුනකට කලින් වගේ නුවර පෙරහැර බලන්න ආසාවක් ඇති වෙනවා. නුවර පෙරහැර පවුලෙ අයත් බලලා නැති නිසා මේ පාර ඇසළ උත්සවේට නුවර යන්න අපි තීරණය කරනවා. අවශ්‍ය කරන දේවල් සූදානම් කරගෙන, නවාතැන් ගන්න ස්ථාන කලින් වෙන් කරවන් අපි ගමන පිටත් වෙනවා. පාන්දර 1 ට විතර අපි ගෙදරින් පිටත් උනා කොළඹට. හික්කඩුවෙ ඉදලා පැය 3ක විතර ගමනක් උනත් පුලුවන් ඉක්මනට පිටත් වෙන්න ගිය අපි තීරනේ කරා. ඒකට හේතු උනේ මීට මාස කිහිපයකට කලින් නුවර යන්න පිටත් වෙලා යන්න තිබ්බ දුම්රිය⁣ට ඔන්න මෙන්න තමයි අපිට ගොඩවෙන්න පුලුවන් උනේ. ඒ නිසා මේ පාර කලින්ම පිටත් උනා. හික්කඩුවෙන් කොළඹට බස් එකේ නැග්ගා. නැගලා 3.00 ගානකට අපි කොළඹට ආවා. අපි පොඩි මැණිකෙ එනකන් පැය 2ක් කොටුව දුම්රියපොළට වෙලා කාලය ගත කරා. අපිට ගත කරන්න තීන සුන්දර දවස් ගැන මතක් කර කර ඉන්නකොට කෝච්චියත් ඇවිත්. කෝච්චියට ගොඩවෙලා අපිට අදාල ආසනය හොයා ගෙන අපි ගමන ආරම්භ කරා. යනකන්ම වටපිටාවේ සුන්දරත්වය හා කෝච්චියේ විකුණන එක එක කෑම වලින් හිත වගේම බඩත් පුරව ගන්න අමතක කරේ නෑ. හරි පැය ගානකට පස්සෙ අපි නුවරට ආවා. නුවර දුම්රියපොළෙන් එලියට ඇවිත් Google map එකෙන් බලාගෙන අපි නුවර න...